පුරාවිද්‍යා ලාංඡන ළඟ තබාගෙන නිදන් හැරූ 6ක් අත්අඩංගුවට

පුරාවිද්‍යා ලාංඡන ළඟ තබාගෙන නිදන් හැරූ 6ක් අත්අඩංගුවට

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡන සන්තකයේ තබාගෙන රදැල්ල රක්ෂිතයේ නිධන් සොයා කැණීම් කල පුද්ගලයින් 06 දෙනෙකු විශේෂ කර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) පානම පොලිස් වසමේ රදැල්ල රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි වැල්ලව, පොතුවිල්, නිට්ටඹුව, බිබිල, කුරුණෑගල හා පානම ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු එම භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, පුරාවිද්‍යා ලාංඡනය සහිත ලැමිනේටින් කරන ලද පුවරුවක්, ගල් බෝර දැමීමට යොදා ගන්නා කැප් 09ක්, වෙඩි බෙහෙත් අඩංගු ජෙල් කරල් 03ක්, ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා පොලිසියට භාර දී තිබෙනවා.

Share This