web hit counter
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී – රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී – රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් ගිලා බැස ඇති ස්ථානයෙන් රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කෝවිල අසල ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ ගිලා බැසීමට ලක් වී ඇත.

අද (03) දින උදැසන 08 සිට මෙම ගිලා බැසීම ආරම්භ වී ඇති බවත්, එම ස්ථානය මීට ප්‍රථම ගිලා බැසීමට ලක් වු ස්ථානයක් බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

එම මාර්ගයේ ගමනා ගන්නා වාහන ගිලා බැස ඇති ස්ථානයෙන් ධාවනය කිරිමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )