මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා සහ ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ ඔහුගේ 09හැවිරිදි පුතු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ත්‍රිත්ව ඝාතනය සදහා වෙඩික්කරුට නීති විරෝධී ලෙස පතොරම් ලබා දීම සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියේ කොස්තාපල් වරයෙකු ඊයේ (04) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව, මේ වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.