ගණිකා නිවාසක් වටලා පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

ගණිකා නිවාසක් වටලා පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

පෑලියගොඩ – 06 කණුව හන්දිය ප්‍රදේශයේ දී ගණිකා නිවාසක් වටලා සැකකරුවෙකු හා සැකකාරියන් තිදෙනෙකු ඊයේ(06) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි විමර්ශන සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතය.

පොලිසිය පැවසුවේ මෙම ස්ථානයේ සම්භාහන මධ්‍යස්ථානයක් සිදු කිරීමේ මුවාවෙන් ගණිකා නිවාසයක් කළමනාකරණය කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ක් වන දුරුතලාව පදිංචිකරුවෙක් වන අතර, සැකකාරියන් වයස අවුරුදු 30,31 හා 38 වයස්වල පසුවන නුවරඑළිය, මාරවිල හා පිළිමතලාව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වුයේ.

සැකකරුවන් අද(07) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

Share This