කාලි මෑණියන්ගේ රන් ඇස් දෙක හා පඬුරු මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

කාලි මෑණියන්ගේ රන් ඇස් දෙක හා පඬුරු මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

උඩප්පුව කාලි කෝවිලේ කාලි මෑණියන්ගේ රනින් කළ නෙත් දෙක ඇතුළු රන් ආභරණ හා පඩුරු මුදල් හා තවත් කාලි කෝවිල් කිපයක රන් හා මුදල් සොරා ගැනිමක් සම්බන්ධව ප්‍රධාන සැකකරුවකු සොරා ගත් රන් ආභරණ වලින් කොටසක් සමග උඩප්පුව පොලිසිය අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම කරුංගාලිචෝලේ පදිංචි තංගරාසා රවින්ද්‍ර නැමති 30 හැවිරිදි විවාහකයකු බව කියයි.

අදාල සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුවකු බව පොලිසිය කියයි.

මෙම සැකකරු පසුගිය 14 දින උඩප්පුව කාලි කෝවිලට ඇතුළු වි එහි තිබු කාලි මැණියන්ගේ දේව ප්‍රතිමාවේ නෙත් දෙකට සවි කර තිබු රන් හා ගෙලට දමා තිබු රන් ඇතුළු ලක්ෂ 21 කට ආසන්න රත්‍රන් තොගයක් සමග පඩුරු කැට වල තිබු ලක්ෂ 2 කට අධික මුදල් සොරා ගෙන තිබු බව පොලිසිය කියයි.

එයට අමතරව මෙම සැකකරු මුන්දලම නගරයෙ කාලි කෝවිලට අවස්ථා දෙකකදී පැමිනි එහි තිබු රන් හා මුදල් ද ඒ සමගම පුත්තලම පැරණී මන්නාරම මාර්ගයෙ කාලි කෝවිලට ද රහසේ පැමින එහි කාලි මැණියන්ගේ ගෙලට දමා තිබු රන් තැල්ලක් හා පඩුරු කැට ඇතුළු දැ සොරා ගෙන තිබු බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

මෙම සැකකරු දක්ෂ පෙදරේරුවකු බවත් මොහු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ප්‍රබල ලෙස පැවති සමයෙදී යාපනයට ගොස් ඇති බවත් එහිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජීකයෙකුගෙන් කුංෆු ඇතුළු සටන් ක්‍රම රැසක් හදාරා ඇති බවත් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

නමුත් මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග දිගින් දිගටම සම්බන්ධතා පවත්වා තිබේද යන්න පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි.