බ්‍රිතාන්‍ය කතකගේ බැංකු කාඩ් සොරාගෙන ලක්ෂ ගණනක භාණ්ඩ මිල දී ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය කතකගේ බැංකු කාඩ් සොරාගෙන ලක්ෂ ගණනක භාණ්ඩ මිල දී ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ මුදල් කාඩ්පත් සොරාගෙන හැටන් නගරයේ පිහිටි වෙලදසැල් කිහිපයකින් රු ලක්ෂ 2 ½ පමණ වටිනා භාණ්ඩ මිල දි ගත් සැකකරුවෙක් හැටන් පොලිසිය විසින් (19) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි අවු 22 වයසැති සැකකරු (19) දින මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියේ ගමන් කර එම දුම්රියෙන් ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියේ තිබු මුදල් කාඩ්පත් රදවනය හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතරදි සොරාගෙන සැකකරු දුම්රියෙන් බැස හැටන් නගරය වෙත පැමිණ තිබේ.

හැටන් නගරයේදි සැකකරු විසින් සොරගත් මුදල් කාඩ්පත් උපයෝගි කරගෙන රණ් මාලයක්, වටිනා ජංගම දුරකථනයක් සහ උපාංග, ඇදුම් පැළදුම්, සපත්තු සහ ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිල දි ගෙන ඇත.

මිල දි ගත් රණ් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කර රු 78000.00/= මුදලක් ලබාගෙන තිබේ.

ඇල්ල දුම්රිය ස්ථානය වෙත ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව තමන් සතු මුදල් කාඩ්පත් අස්ථානගත වු බවට ඇල්ල දුම්රිය ස්ථානයේ සංචාරක පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සංචාරක පොලිසිය විසින් ඒ පිලිබදව හැටන් පොලිස් ස්ථානය වෙත දැනුම් දිමෙන් පසු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් මදුසංඛ මහතා ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව (19) දින රාත්‍රියේ හැටන් නගරයේ සිට ඇල්ල දක්වා ගමන් කිරිමට මොටර් රථයක් කුලි පදනම මත ලබා ගැනිමට පුද්ගලයෙකු විමසිම් සිදු කරන බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු සන්තකයේ තිබි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ අස්ථානගත වු මුදල් කාඩ්පත් සහ මුදල් කාඩ්පත් උපයෝගි කරගෙන මිල දි ගත් භාණ්ඩ සහ රු 38890.00/= දේශිය මුදල් සහ විදේශිය මුදල් නොට්ටු දෙකක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව හැටන් පොලිසිය වෙත කැදවා මුදල් කාඩ්පත් සහ සැකකරු විසින් මිල දි ගත් භාණ්ඩ වල වටිනාකම, අදාල වෙලදසැල් වලින් අයකරදිමට කටයුතු කරන බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා කියා සිටියේ.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.