හොර කච්චේරියක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට
මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාවාරම්කරුවෝ තිදෙනෙක් මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස අපරාධ විමර්ංශන අංශයේ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම මහා ජාවාරම අනාවරණය කරගෙන තිබේ.
මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයන් අනුරාධපුර ප්‍රදේශයේ අභයපුර, හූරීගස්වැව ,මීගලෑව පදිංචිකරුවන් බවත් ඔවුන් මෙම ව්‍යාජ ලේඛන සකසා ඒවා මහනුවර සහ වෙනත් පළාත් වලට මුදලට අලෙවි කර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් ව්‍යාජ ඔප්පුවක් සකසා එය නුවර ප්‍රදේශයට ලබාදී තිබියදී ඒ පිළිබඳව මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ,මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණ මත වැඩි දුර විමර්ශන සිදුකර සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ,අනුරාධපුර ප්රදේංශයට ගොස් සැකකරුවන් තිදෙනකු සහ ඔවුන් සැකසූ ව්‍යාජ ඉඩම් ඔප්පු , ව්‍යාජ වාහන රියදුරු බලපත් , සහ ව්‍යාජ උප්පැන්න සහතික අත්අඩංගුවට ගෙන තිබේ.