කෝටි 30ක කොකේන් සමග කෙන්යානුවෙක් රේගු දැලේ

කෝටි 30ක කොකේන් සමග කෙන්යානුවෙක් රේගු දැලේ

රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය.

දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ පැමිණි ගුවන් යානයකින් 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගත් බවත් බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් ඔහුගේ සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

20230924 210514 scaled

20230924 210748 scaled

20230924 210452 scaled

Share This