
ගුවන් තොටුපොළ කුලී රථ රියදුරා ගුවන් මගියෙකුගේ ලක්ෂ 9කට විදලා
ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි හි මානව සම්පත් සහකාර කළමණාකරුවෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඉකුත් 29 දින රාත්‍රී 09.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඉන්පසුව ඔහු සිය නිවෙසට යාමට කටුනායක ගුවන් තොටුපොළෙන් රථයක් ලබා ගෙන ඇති අතර අමතක වීමකින් එම රථයෙහි , ඔහුගේ ලැප්ටොප් පරිගණකය අඩංගු බෑගය දමා ගොස් තිබුණි .
පසුව ඒ පිළිබද රථ රියැදුරුවරයාගෙන් විමසූ විට , එය තම රථයෙහි ඇති බවත් , එය කටුනායක ගුවන් තොටුපොළට පැමිණ භාර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ .
ඒ අනුව ගුවන් මගියා අද උදෑසන අදාළ බෑගය භාර ගෙන පරීක්ෂා කිරීමේ දී , එහි වූ රුපියල් 904,400 ක මුදල නොමැති බව දැන ගැනීමෙන් පසු , කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .