මූල්‍ය ආයතනයක් හරහා රු. කෝටි 990ක වංචාවක් සිදුකළ අයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතැයි පොලීසිය සදහන් කරයි.
සැකකරු 54 හැවිරිදි මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ඔහු එම මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.