හොර හරක් ජාවාරමේ ගිය සමෘද්ධි නිලධාරියා මාට්ටු

හොර හරක් ජාවාරමේ ගිය සමෘද්ධි නිලධාරියා මාට්ටු

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිළධාරිවරයකු තමන් පදිංචි පෙත්තිගම ගම්මානයේ ගවයින් හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී ගම්වාසින් හා මහකුඹුක්කඩවල පොලිසියේ නිළධාරින් එක්ව අද (02) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, මහකුඹුක්කඩවල පෙත්තිගම ප්‍රදේශයේ පදිංචි මුන්දලම සමෘද්ධි සංවර්ධන නිළධාරියකු ලෙස කටයුතු කරමින් සිටින බව කියන 45 හැවිරිදි අයෙකු වේ.

සැකකරු ඔහුගේ නිවසට ආසන්න නිවසේ ගවයින් තිදෙනෙකු අද අලුයම මස් සදහා මුන්දලම පුලිච්චාකුලම මස්කඩකරුවන් පිරිසකට අලෙවි කර එම ගවයින් බෝලෝරෝ වර්ගයේ කැබ් රථයකට පටවමින් සිටියදී ගම්වාසින් හා මහකුඹුක්ඩවල පොලිසිය එක්ව සිදුකල වැටලිමකදි අත් අඩංගුවට ගෙන තිබුණි.

අත් අඩංගුවට ගත් හරක් ජාවාරමේ නිරත වු සමෘද්ධි සංවර්ධන නිළධාරියා පෙත්තිගම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරන බව පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.

කලක සිට පෙත්තිගම හා කොරකහායාය ප්‍රදේශ වල ගවයින් සොරා ගැනිම සිදුව තිබුනද එය කවුරුන් කරනවා දැයි තහවුරු කර ගැනිමට දැඩි වෙහෙසක් ගෙන තිබු බව පැවසෙයි.

කෙසේ නමුත් පොලිසිය උපාය දුතයින් යොදවමින් මෙම ජාවාරම සිදුකරන පිරිස සොයා පරික්ෂණ කටයුතු වල නිරත ව තිබු බව කියයි.

එසේ සිටියදී අද අලුයම අදාල සමෘද්ධී සංවර්ධන නිළධාරියාගේ නිවසට යාබද නිවසේ ගවයින් කැබ් රථයක් රැගෙන විත් පටවමින් සිටියදී පොලිසිය හා ගම්වාසින් විසින් රැක අල්ලා ගෙන තිබුණි.