සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කළ භික්ෂුවක් අත්අඩංගුවට

සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කළ භික්ෂුවක් අත්අඩංගුවට

නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ වැඩ සිටි හික්ෂුවක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හික්ෂුව ඊයේ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් හර්ෂණි රාජකරුණා මහත්මිය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ සැකකාර භික්ෂුව මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඇය නියෝග කළාය.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන සාමණේර හිමිවරුන් තිදෙනා සහ එම විහාරස්ථානයේ වැඩ සිටින සෙසු සාමණේර හිමිවරුන්ද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නාවලපිටිය එහිදී පොලිසියට නියෝග කළාය.

නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය අභියස පිහිටි එම විහාරස්ථානයේ වැඩ සිටින සාමණේර හිමිවරුන් තිදෙනෙකු සැකකාර භික්ෂුව විසින් අපයෝජනය කර ඇති බවට ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

Share This