යුද හමුදා සෙබලුන් අටක් අත්අඩංගුවට

යුද හමුදා සෙබලුන් අටක් අත්අඩංගුවට

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, දියතලාව යුද්ධ හමුදා පීඨයට අනුයුක්ත සෙබලුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊයේ (01) රාත්‍රි කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ පිරිසක් කලහකාරි ලෙස හැසිරෙන බවට හා එම පිරිස බණ්ඩාරවෙල දුම්රියේ ස්ථානයේද කලාහකාරි ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.