කෝටි 5 කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමග නර්තන ශිල්පියෙක් අත්අඩංගුවට

කෝටි 5 කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමග නර්තන ශිල්පියෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත “කුෂ් ” නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙකු ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියෙකු වන අතර ඔහු විසින් සිය ගමන් මල්ල තුළ සගවා ගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබේ.

කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 278 ක් බරැති මෙම “කුෂ්” ගංජා තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36 ක් තුළ අසුරා, ඒවා ඔහු සිය ගමන් මල්ලේ අසුරා ගෙන තිබුණි.

මෙම නර්තන ශිල්පියා මෙම ගංජා තොගය රැගෙන ඊයේ (08) රාත්‍රී 10.40 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොහු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Share This