නැටුම් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සමාජ මාධ්‍යයේ දැමූ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට

නැටුම් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සමාජ මාධ්‍යයේ දැමූ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට

සිය පාසලේ තරුණ නැටුම් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර වට්ස් ඇප් ඔස්සේ බෙදා හරිනු ලැබූ මාතලේ ප්‍රධාන පාසලක 10 වැනි ශ්‍රේනියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු මාතලේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ නැටුම් ගුරුවරිය විසින් මාතලේ පොලිසීයට ඊයේ (11) පැමිණිලි කිරීමෙන් අනතුරුව කරන ලද විමර්ශනවලදී ජංගම දුරකථන පරීක්ෂාවකින් පසු සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසීය පැවසීය.

මෙම තරුණ ගුරුවරිය සිය පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන පීඨයේ අධ්‍යයන පාඨමාලාව අවසන්ව වසරක සීමාවාසී පුහුණුව සඳහා මෙම පාසලට අනුයුක්ත කර තිබිණි.

සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා පරිවාස වාර්තාවක් සමග අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ වනවිට එම වට්ස් ඇප් සමූහයේ තවත් සිසු පිරිසකගෙන් ද පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.