
පොලිස් වැසිකිළියේ මත්කුඩු පානය කරමින් සිටි පීසී මාට්ටු
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ 39 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා වැසිකිළියක් තුල මත්කුඩු පානය කරමින් සිටින බවට මූලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතාට ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂාවේදි අයිස් වර්ගයේ මත්කුඩු සමග ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගනු ලැබු පොලිස් කොස්තාපල්වරයා අද (09) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.