රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීමට ජනාධිපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීමට ජනාධිපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් කමිටුවට ඇතුළත් වෙති.

ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ , ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට රජයේ ඉඩම් ලබාදීමට නියමිතව පවතී.

රණවිරුවන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල මීට පෙර අවස්ථා කිහිපයකදී ආරම්භ කෙරුනත් එය සාර්ථකව සහ කඩිනමින් තියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත්කර ඇත.

ජනාධිපති නියෝග පරිදි රණවිරුවන්ට ලබා ඉඩම් ලබාදීමේ කාර්යභාරය ප්‍රමුඛස්ථානයෙහිලා සලකා කඩිනමින් වැඩ කටයුතු සම්පාදනය කිරීම අදාල කමිටුවේ වගකීමයි.