අර්චුනාගේ පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට

අර්චුනාගේ පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට

යාපනය, වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් කළ බව කියන පහරදීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

මේ අතර පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය.

කෙසේවෙතත්, මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.