අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙක් පැනයති

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙක් පැනයති

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස පලා ගිය එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ අයෙකු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

අනුරාධපුර බන්ධනාගාරයේ එලිමහන් සිර කඳවුරු භූමියට අයත් ජයන්ති මාවතේ, මහජනතාවට විවෘත කර ඇති බන්ධනාගාර ආපන ශාලාවේ සේවය සදහා යොදවා සිටි මෙම රැඳවියන් දෙදෙනා, ඔවුන් පැළඳ සිටි බන්ධනාගාර සිර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් පැළඳ මෙසේ පලා ගොස් තිබේ.

පලා ගිය මෙම සිරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළේය.

Share This