අනුර කුමාර ස්වීඩනයට

අනුර කුමාර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම ජන හමු අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද පැවසේ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය ක‍ර තිබෙනවා.

Share This