පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයේ නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන පත් කරයි

පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයේ නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන පත් කරයි

පොදුජන එක්සත් පෙරමුණේ නව නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කළ බව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

බත්තරමුල්ලේදී දැන් පැවැත්වෙන එම පක්ෂයේ ලාංඡනය එළිදැක්වීමේ උත්සවයේදී නව නිලධාරී මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව, එහි මහලේකම් ලෙස ලසන්ත අලගියවන්න මහතා ද භාණ්ඩාගාරික ලෙස චාමර සම්පත් මහතාද පත්කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්ව පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වීම අද (14) කොළඹදී සිදුවුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මෙහිදී එම සන්ධානයේ තනතුරු ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු 21 දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ද එම සන්ධානය වෙනුවෙන් පත් කර තිබේ.

නව සන්ධානය පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට නියමිත ය.