අනුරාධපුර රෝහලේ සිව්වැනි මහලින් වැටී රෝගියෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය ඒකකයේ සිව්වැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, පරසන්ගස්වැව පොලිස් වසමේ පානියන්කඩවල ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.සේනාරත්න නැමති 41 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා රෝහලේ සිවුවැනි මහලෙන් ඇද වැටී තුවාල ලැබීමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා එකළොස් වැනි වාට්ටුවට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබුණි.
මියගිය පුද්ගලයාට ඔහුගේ 43 හැවිරිදි වැඩිමහල් සොයුරා විසින් මවට නොසලකන බවට චෝදනා කරමින් පසුගිය 23 දින පහරදී ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පැවසිය.
එම පහර කැමෙන් පසුව මෙම පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ වැඩිමහල් සොයුරා පරසන්ගස්වැව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.