අන්තරේට ජල ප්‍රහාරයක්

අන්තරේට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට කිරුළපන ප්‍රදේශයේදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඔවුන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබුණි.

ඩීන්ස් පාර,කුළරත්න මාවත,ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය ,ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති මන්දිරය,අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ගාලු මුවදොර යන ප්‍රදේශ වලට යාම ද වලක්වාලමින් එම නියෝග නිකුත් කර තිබුණි.