රට පුරා සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් ආඥාවක්
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 22) පැවසීය.
හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.