ඇමෙරිකාවේ පාසලක සිසුවියක් කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
ඇමෙරිකාවේ, විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, ගුරුවරයෙක් සහ සිසුවෙකි.
දැනට සිදුකළ විමර්ශණවලින් හෙළිව ඇත්තේ, 15 හැවිරිදි සිසුවියක විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමට පෙර ඇය ඇබන්ඩන්ට් ලයිෆ් ක්‍රිස්තියානි පාසලට පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේදීම ඇය සියදිවි හානිකර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
එසේම, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සැකකරුගේ පවුලේ අය විමර්ශනයට සහයෝගය දක්වන බවත්, එරට පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැඩිසන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.