රුපියල් කෝටි 07ක ‘අම්බර්’ සමග 6 ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 07ක ‘අම්බර්’ සමග 6 ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 07ක පමණ වටිනාකමකින් යුතු අම්බර් කිලෝ 14ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අද (11) අළුයම තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 22ත් 27ත් අතර වයසේ පසුවන මහනුවර, කෑගල්ල හා කුරුණෑගල පදිංචි සැකකරුවන් 06 දෙනෙකි.

සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ සිට මෙම අම්බර් තොගය අලෙවි කිරිම සදහා තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අම්බර් ලබාගන්නේ තල්මසුන් වැමෑරු පසු හෝ මියගිය පසුය.

ඒවා ලොව මිලෙන් අධිකම සුවද විළවුන් නිෂ්පාදනය කිරිම සදහා භාවිතා කරනු ලබයි.

තල්මසුන් මරා මෙම අම්බර් ලබා ගැනීමට පෙළඹීම නවතාලිම සඳහා ලංකාව තුළ අම්බර් අලෙවිය හා ළග තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

COMMENTS