කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් වැටී දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් වැටී දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝභෝගී නිවාස සංකීර්ණයක වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇද වැටී දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක බවයි.

පාසල් වේලාවෙන් පසු එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට මෙම දරුවන් දෙදෙනා සහභාගී වී ඇත. මෙම සාදයට සිසුන් 100ක් පමණ පැමිණ සිටි බව වාර්තා වේ.

මෙම සිසුවිය සහා සිසුවා අදාළ ගොඩනැඟිල්ලෙන් පැන ඇති බවට පොලීසිය සැක පළ කරන අතර ඔවුන්ගේ සිරුරු තුන්වන මහලේ තිබී සොයාගෙන තිබෙනවා.

මියගිය සිසුවා සහ සිසුවිය වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල පදිංචිව සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Share This