අලි සබ්රි යළි නීතීඥ වෘත්තියට

අලි සබ්රි යළි නීතීඥ වෘත්තියට

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිනුමට සටහනක් යොදමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ සමීප ආරංචි මාර්ග වලින් වාර්තාවන්නේ ඔහු නැවත දේශපාලනයට පැමිණීමට අදහසක් නොදක්වන බවය.

ඒ අනුව, අලි සබ්‍රි මහතා  එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බවද වාර්තා වෙනවා.

2015 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි අලි සබිරි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේද, අධිකරණ, මුදල්, විදේශ යන අමාත්‍ය ධුරයන් දරනු ලැබුවා.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සිටි අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පරාජයට පත් වුණා.