අලි සබ්රිට තවත් අමාත්‍ය ධූරයක්

අලි සබ්රිට තවත් අමාත්‍ය ධූරයක්

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

අලි සබ්‍රි දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.