සජිත් ප්‍රේමදාස ගැන කලකිරිලා ඉන්නේ – සජබ එක්ක තවත් වැඩ කරන්න කමති නෑ

සජිත් ප්‍රේමදාස ගැන කලකිරිලා ඉන්නේ – සජබ එක්ක තවත් වැඩ කරන්න කමති නෑ

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඔහු සමගි ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ධූරයෙන් හදිසියේම ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කය සඳහා දුන් නාම යෝජනා පත්‍රයට අජිත් මාන්නප්පෙරුම මහතාගේ නමද ඇතුළත්ව තිබිණ.

මේ හේතුවෙන් තමාට ඡන්දය දීමෙන් වළකින ලෙස ඔහු සියලුම ඡන්දදායකයන් ගෙන් ඉල්ලීමක් කරයි.

සමග ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ වරුණ දීප්ත රාජපක්ෂ මහතාය.

කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජපක්ෂ මහතා පසුව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්විය.

පක්ෂය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ තමා සංවිධායක ධූරයෙන් හිටි හැටියේම ඉවත් කිරීම අන්ත අසාධාරණ තීරණයක් බව අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ඡන්දයක් එළිපත්තේ සිටියදී පක්ෂ නායකත්වය මෙසේ කටයුතු කිරීමේදී තමා ජනතාවට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ.

නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ.

මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් ක්‍රියාකරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චික කරන්න එපා කියලා මම ඉල්ලනවා.

මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩිලෙස කලකිරිලා කථාකරන්නේ. මට නොමිනේෂන් අත්සන්කරලා පැය 24ක් යනකොට ගම්පහ

ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය ක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩකරපු පුද්ගලයෙකුට මට හොරෙන් ලබා දීලා. එය මම දැඩි ලෙස කලකිරීමට හේතු වුණා.