ඇෆ්ගන් – ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20 තරඟය අද

ඇෆ්ගන් – ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20 තරඟය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග අද (19) පැවැත්වෙයි.

තරඟය රාත්‍රී 7ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව, තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණේ රැදී සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

මේ අනුව, තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු නංවා ගැනීමට නම් ඇෆ්ගනිස්ථානයට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ තෙවන විස්සයි විස්ස තරගවල සියලු ප්‍රවේශපත්‍ර විකිණි අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණි.

Share This