
අදානි මෙරට සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි
මෙරට ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ වන විටත් අදාළ දැනුම්දීම මෙරට ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා ඇති බවයි, වාර්තා වන්නේ.
අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත් සහ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්ට අදාළ ගැටලු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බවයි, වැඩිදුරටත් වාර්තා වන්නේ.
වසර 20ක කාලයක් සඳහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණේ 2022 මැයි මස 07 වැනි දිනයි.
මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිල දී ගැනීම සඳහා මෙම අනුමැතිය එදින පාලනයෙන් අනුමත කෙරුණි.

