ඉන්දියාවේ අදානි කොළඹ වරාය ව්‍යාපෘතියට අමෙරිකානු සල්ලි එපා කියයි
ඉන්දීය කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් අදානි සමූහ ව්‍යාපාරය තමන් ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතියකට අරමුදල් සැපයීම සඳහා තමන්ගේම සම්පත් භාවිතා කරන බවත් එක්සත් ජනපද අරමුදල් ලබා නොගන්නා බවත් ඊයේ (10) ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉන්දියාවේ Adani Ports and SEZ Ltd සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC) වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන ඇති බවයි, එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම අදාළ ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට නියමිතව ඇති බවත්, සිය සමාගම එහි ප්‍රාග්ධන කළමනාකරණ උපාය මාර්ගයට අනුකූලව “අභ්‍යන්තර උපචිත” හරහා ක්‍රියාත්මක ව්‍යාපෘතියට අරමුදල් සපයන බවයි, එම සමාගම සඳහන් කර ඇත්තේ.
ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි විසින් පාලනය කරනු ලබන අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව ඇති අතර, එහි සීමාසහිත China Merchants Port Holdings Co Ltd විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්තයක් ද ඇත.
ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට එම පර්යන්තයේ 34% හිමිවන අතර ඉතිරි කොටස රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.