පාසල් සිසුන් රැගෙන රන්ටැඹේ ගිය බස් රථයක් ඇලකට පෙරළෙයි

පාසල් සිසුන් රැගෙන රන්ටැඹේ ගිය බස් රථයක් ඇලකට පෙරළෙයි

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ තෝරවංගුව අසලදී මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරලීයෑමෙන් අද(09) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පාසල් තුවාල ලැබූ පාසල් ළමුන් සහ දෙමව්පියන් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාලබේ රාහුල විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගෙන රන්ටැඹේ බලා ගමන්කරමින් තිබූ බස් රථයකි.

වරකාපොළ ප්‍රදේශයේදී බස් රථය ඇළකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

May be an image of ambulance, train and text

Share This