
වස්කඩුවේදී ත්රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව, කෝංගස්හන්දිය ප්රදේශයේදී දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවන කල ත්රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.
පොලිසිය පැවසුවේ, මරදානේ සිට දකුණු කළුතර දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී මෙම අනතුරව සිදුව ඇති බවයි.
ත්රීරෝද රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුල්කරනවාත් සමග එය ක්රියාවිරහිතවී ඇති අතර එහිදී දුම්රියේ ගැටුණු ත්රිරෝද රථය මීටර් 30ක් පමණ දුරක් ඇදී ගොස් ඇත.
කෙසේවෙතත්, අනතුර සිදුවීම පෙර රියදුරු එකවරම ත්රිරෝද රථයෙන් ඉවතට පැන දිවි ගලවාගෙන තිබේ.
රියදුරු අන්තර්ජාලය ඔස්සේ කුලී ගමන්සේවා සපයන ආයතනයකට සම්බන්ධ කළුතර නෑඹඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්ය.
මෙම අනතුරෙන් ත්රිරෝද රථයට බරපතළ හානි සිදුව ඇති අතර, දුම්රියේ ඉදිරිපස කොටසටද සුළු හානියක් සිදුව ඇත.
අනතුර සිදු වූ මෙම ස්ථානයේ කිසිදු විදුලි සංඥා පද්ධතියක් හෝ දුම්රිය ගේට්ටුවක් නොමැති බව වාර්තාවන අතර, ඒ හේතුවෙන් මෙම හරස් මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ලෙස අනාරක්ෂිතව පවතින බව ප්රදේශවාසීන් පවසයි.
අනතුර සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


