රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් ජීවිතක්ෂයට

මැවච්චිය පොලිස් වසමේ මහනුවර – යාපනය මාර්ගයේ මාරගහ වංගුව අසලදී රඹෑව දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් පැමිණි බවුසර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රඹෑව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 7ක දැරියකි.