නෙල්ලිගල වන්දනාවේ පැමිණි බස් රථයේ රිය සහයක බසයට යට වී මරුට

නෙල්ලිගල වන්දනාවේ පැමිණි බස් රථයේ රිය සහයක බසයට යට වී මරුට

පේරාදෙණිය – නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අතුරු මාර්ගයේ පේරාදෙණිය දෙසට ධාවනය වූ බස් රථයක රිය සහයකවරයා පා පුවරුවෙන් ඇදවැටී එම බස් රථයටම යට වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නීනපොත බටහිර, නිකපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක රිය සහායකවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This