බසයක් පෙරළී 27ක් රෝහලට

බසයක් පෙරළී 27ක් රෝහලට

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව පොලිසිය පවසනවා.

පෞද්ගලික බසය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට පැමිණිම නිසා ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී මාර්ගයේ පස් ලිහිල්ව බසය අඩි කිපයක පල්ලමකට මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

තුවාලකරුවන් අතර බස් රථයේ මගින් මෙන්ම ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ද සිටින බවයි, පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් කහවත්ත මූලික රෝහලට හා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.