දොඹගහවෙල මාරක රිය අනතුරක්

දොඹගහවෙල මාරක රිය අනතුරක්

මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඹගහවෙල ඉන්ධන පිරවුම් හල ආසන්නයේ දී බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් සහ යතුරු පැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයකු කැබ් රථය තුල සිරවී සිටි අතර එම පුද්ගලයන් දෙදෙනා ඉන් බේරාගැනීමට අසල සිටි පිරිස් වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කඩිනමින් මුදවාගෙන මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනා මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු දොඹගහවෙල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.