බස් රථයක් අනතුරට පත් විමෙන් මහනුවර – හැටන් මාර්ගයේ ගමනා ගමනයට බාධා

බස් රථයක් අනතුරට පත් විමෙන් මහනුවර – හැටන් මාර්ගයේ ගමනා ගමනයට බාධා

මහනුවර සිට හැටන් දක්වා ලක්ෂපාන මාර්ගය ඔස්සේ ධාවනය කල හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් (08) දින මාර්ගය හරහා ගලා බසින ඇළ මාර්ගයකට වැටිමෙන් උදැසන එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබේ.

ධාවනය වෙමින් තිබු බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු තවත් බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය ප්‍රධාන මාර්ගය අභියසින් ගලා බසිනා ඇළ මාර්ගයකට වැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති අතර , අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් සෙසු වාහන ගමනා ගමනයට පැය කිහිපයක් බාධා පැමිණ තිබුණි

Share This