බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6ක් රෝහලට

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6ක් රෝහලට

කතරගම සිට කොළඹ බලා ධාවනයවූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනයවූ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ ගමන්ගත් හය දෙනෙකු බවත් , එහි රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බවත් පොලිසිය කීය.

ලංගම බස් රථය යතුරුපැදියකට ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

තුවාල කරුවන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති