බස් රථ අනතුරකින් 5ක් රෝහලට

බස් රථ අනතුරකින් 5ක් රෝහලට

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වු අනතුරිකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා අතැයි ලිඳුල පොලීසිය පවසයි.

නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුපෝකභෝගි බස් රථයක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.

පැවැති වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වී ඇත.