
තෝරයායේ බස් රථ අනතුරකින් 04ක් මරුට
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් මගීන් 4 ක් මියගොස් විස්සකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇතිි බව දොරටියාව පොලිසිය පවසයි.
කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
පොලිසිය සඳහන් කළේ, පිටුපසින් පැමිණි බස් රථයට අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් තවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කිරීමේදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇත.
මරණකරුවන්ගේ සහ මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දොරටියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


