කාන්තාවකගේ හිස කදින් වෙන් කල බිහිසුණු රිය අනතුර

කාන්තාවකගේ හිස කදින් වෙන් කල බිහිසුණු රිය අනතුර

කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් (30) වන දින සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවකගේ හිස කද ප්‍රදේශයෙන් වෙන් වී ඇති බව පරික්ෂණ පවත්වන නොච්චියාගම පොලිසිය සදහන් කරයි.

කොළඹ සිට වව්නියාව බලා ගමන් ගත් සුඛෝපභෝගි බස් රථයක් නොච්චියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගත් අඹු සැමි යුවලක් අනතුරට පත්වී ඇති අතර, එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවක බස් රථයට යටවීමෙන් ඇගේ හිස කොටස බෙල්ලෙන් වෙන්වී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි පරික්ෂණ පවත්වන නොච්චියාගම පොලිසිය සදහන් කරයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය යාය 15 ප්‍රදේශයේ පදිංචිකාර (34) හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව සිය සැමියා සමග යතුරු පැදියෙන් නොච්චියාගම නගරය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවත්, අනතුරින් සැමියා සුළු තුවාල ලබා ඇති බව කියයි.

අදාළ බස් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර, බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාමෙන් මෙම අනතුර සිදුව තිබූ බවයි පරික්ෂණ පවත්වන නොච්චියාගම රථ වාහන පොලිසිය සදහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සදහා නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර රියදුරු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියයි.

අනතුරින් ජීවිතක්ෂයට පත් කාන්තාවගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර රියදුරු නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර තිබේ.

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන