දක්ෂිණ අධිවේගයේ පෙරළුණු වෑන් රථයට යට වී දැරියක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගයේ පෙරළුණු වෑන් රථයට යට වී දැරියක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

අනතුරට පත් වූවන් අතර ගැබිණි මවක්ද සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .අනතුරින් මියගොස් ඇත්තේ කතරගම වැඩිහිටි කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 2 මාස 2 වයසැති දැරියකි.

කැලණිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගි වීම සඳහා පවුල් කිහිපයක සාමාජිකයන් පිරිස රැගෙන මත්තල සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ටයරයක් පිපිරී යාමත් සමගම වෑන් රථය පෙරළී අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.