රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා මරුට

රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා මරුට

පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ දී ඊයේ (25) සවස 05.20ට පමණ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිටිගල පොලීසිය පැවසුවේ, කියුබ් 03 වර්ගයට අයත් ටිපර් රථයක් සහ ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

පියා විසින් මෙම මෝටර් රථය පදවා ඇති අතර එකම පවුලේ පිරිසක් මෙම රථයේ ගමන්කර තිබේ.

යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි විදුහල්පතිවරයෙකු ද අනතුරින් සුළු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.