ටිපර් රථයක ගැටීමෙන් තවත් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට

ටිපර් රථයක ගැටීමෙන් තවත් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට

කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හංදියේ දී වැලි පැටවු ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මුලස්ථානය පැවසුවේ, පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව රාජකාරිකරමින් සිටි (45) හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ රාත්‍රියේ ජංගම සංචාරයේ යෙදෙමින් මාර්ගයේ වාහන හා පුද්ගලයන් පරික්ෂා කරමින් සිටියදී කන්තලේ සිට කඩුවෙල දක්වා වැලි ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථය මාර්ගය අයිනේ සිටි කොස්තාපල්වරයාගේ ඇගේ ගැටීමෙන් ඔහු මාර්ගයෙන් ඉවතට විසිවී බරපතල තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට මාරු කර සිටියදි මියගොස් ඇත.

සැකකාර ටිපර් රථය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Share This