යතුරුපැදියක් දුම්රියේ ගැටී පියා මරුට – පුතා රෝහලට
හබරණ පොලිස් වසමේ හබරණ බෙල්ලන්කඩවල අතුරු මාර්ගයේදී මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදය දේවී දුම්රියේ යතුරුපැදියක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ.
ඊයේ (15) දහවල් සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමක් කළ පසුපැදිකරු මියගොස් ඇත.
යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, පිය පුතු දෙපළක් වන අතර එහිදී වයස අවුරුදු 70ක් වන පියා මිය ගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.
හබරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.