ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් 05 ක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් 05 ක් මරුට

ප්‍රදේශ කිහිපයක ඊයේ (13) දිනය තුළ සිදුවු රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

සාලියවැව පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ආසන්නයේ දී අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් තුවාල ලබා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් වූ 17 කණුව, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර, තැන්නේකුඹුර – රාගල මාර්ගයේ මයිලපිටිය ප්‍රදේශයේ දී වාහනයක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70 ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට ලක්කළ වාහනයේ රියදුරු පළාගොස් තිබේ.

මේ අතර කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හංදියේ දී මාතර සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ගමන් කිරීමේ දී බසයට ඉදිරියෙන් පාර මාරුවීමට ගිය කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබු 41 හැවිරිදි බෙලිඅත්තේ පදිංචිව සිටි කාන්තාව තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ දී මීරා බාලික විද්‍යාලය ආසන්නයේ දී මඩකලපුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයට හැරවීමට යෑමේ දී තවත් යතුරුපැදියක බඳේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටි 20 හැවිරිදි එක් පැදිකරුවෙක් මියගොස් ඇත.

මේ අතර අරලගංවිල මනම්පිටිය, මැදගම ප්‍රදේශයේ දී මනම්පිටිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් 49 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.