කන්ටේනරයක් පෙරලී හතරක් රෝහලට

කන්ටේනරයක් පෙරලී හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය අසලදී මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි රියදුරු හා රිය සහායකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව ඇටම්පිටිය පොලීසිය පැවසීය.

එහි රියදුරු අසුනේම යකඩ වලට සිරවී සිටියදී පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව මහත් පරිශ්‍රමයක් දරා පැයක පමණ මෙහෙයුමකින් පසු බේරාගෙන රෝහල් ගත කළ බවද පොලිසිය පැවසීය.

මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වැසී ඇති අතර ගමනාගමනය සඳහා එක් මං තීරුවක් විවෘත කළ බවද පොලිසිය පැවසීය.

කන්ටේනර් රථයේ තිරිංග ක්‍රියා විරහිතවීම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

Share This